බලංගොඩම කම්පා කරවමින් අවසන් ගමන් ගිය, පාසල් සිසුවියක් වූ හිමාෂා අමානුෂික ලෙස අපයෝජනය වූ හැටි
Thursday, 09 July 2020 - 13:50 | Views - 2,886
අපයෝජනයට ලක්වූ තරුණියක අධික රුධිර වහනය වීම හේතුවෙන් බලංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත්දා (07දා) සවස මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.
 
බළන්ගොඩ, පින්නවල, රාවණාකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි හිමාෂා දෙව්මිණි දයාරත්න නමැති 17 හැවිරිදි තරුණියක මෙලෙස මියගොස් තිබෙනවා.
 
අපයෝජනයට ලක් කළ ගයාන් මධුසංක නමැති 24 හැවිරිදි තරුණයකු පින්නවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔහු බලංගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 21 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලංගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළා.
 
මහන්න දුන් ඇඳුම් ලබාගැනීම සඳහා ඉකුත් 5 වැනිදා එම දැරිය නිවෙසින් බැහැරව ගොස් ඇති අතර පසුව නිවෙසට නැවත පැමිණ නැති නිසා ඒ සම්බන්ධයෙන් දැරියගේ මවුපියන් විසින් පින්නවල පොලිසිය වෙත පැමිණිල්ලක්ද කර තිබෙනවා.
 
දන්නා හඳුනන අයගෙන් ලබාගත් තොරතුරු අනුව එම දැරිය පින්නවල, ගයහිවත්ත ප්‍රදේශයේ නිවෙසක සිටින බවට මවුපියන් තොරතුරු සොයාගෙන තිබෙනවා.
 
වහාම මවුපියන් වලේබොඩ, පුදුකාටුව ප්‍රදේශයට ගොස් දැරිය ගැන සොයා බැලීමේදී නිවෙසක සිහිසුන් නොමැතිව සිටි දැරිය හමුවී ඇති බව දැරියගේ පියා වන බලංගොඩ, රාවණාකන්ද ප්‍රදේශයේ පදිංචි ඩී.ඒ. නිමල් දයාරත්න මහතා (42) පින්නවල පොලිසියට දුන් කට උත්තරයේ සඳහන්.
 
එම ප්‍රදේශයේ පදිංචි තරුණයකු දැරිය පැහැර ගෙන දැඩිලෙස ලිංගික අපචාරයක් සිදුකිරීම නිසා මෙලෙස සිහිසුන් නැතිව සිටි බව පියා පොලිසියට දුන් කට උත්තරයේ වැඩිදුරටත් සඳහන් වනවා.
 
ඒ අනුව මවුපියන් වහාම දැරිය පින්නවල පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව පොලිසිය මඟින් දැරිය බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
 
රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත්දා (07දා) දින සවස 3.30ට පමණ දැරිය මියගොස් ඇති බවයි පොලිසියේ පැවසූයේ.
 
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු ඊයේ (08දා) බලංගොඩ මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණා.
 
පින්නවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
 
බලංගොඩ - නලින්ද වලේබොඩ, කල්තොට - එස්. වීරවංශ, බලංගොඩ - පියසේන එන්. හේවගේ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම - "මව්බිම" පුවත්පත

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top